කල් ඉකුත් වූ කිරි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට


(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර )
කල් ඉකුත් වූ පණුවන් ගැසූ කිරි  හට්ටිවල නරක් වූ උඩ කොටස ඉවත්කර ඒ වෙනුවට නැවුම් කිරි යොදා  නව ලේබල් ගසා කිරි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු කිරි හට්ටි අනූ නමයක් සමග ඒවා ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක්   අද (06)  කොටවිල වැව ආසන්නයේ දී  කොටවිල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් එක්ව  අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28- 33 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු බවත්  මොවුන් වසරක පහක සිට මෙම ජාවාරමේ යෙදී ඇති අතර  මෙම කිරි අනුභව කර රෝගී වූ පිරිස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට සිදු කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී  දිනය මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා සීල් එකක් , ලන්ච් ෂීට් තොගයක් , කඩදාසි තොගයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


කිරි ජාවාරම් කරුවන් මාතර ප්‍රදේශයේ සිට වැලිගම ප්‍රදේශය දක්වා කිරි ප්‍රවාහනය කරන අතරතුර  කඹුරුගමුව වැව ආසන්නයේ නවතා නරක්වූ කිරි හට්ටි වල උඩ කොටස අයින් කර ඒ වෙනුවට නැවුම් කිරි  යොදමින් සිටින අවස්ථාවේ මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කොටවිල පොලිසියේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක තුෂාර මහතා පැවසීය .


.