ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන ජාතික කළමනාකරණ සමුළුවේ සමාරම්භක උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අද (08) කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.
තත්කාලීන අභියෝග විසදිම, තේමාව යටතේ සමුළුව අද දිනය පුරා පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කළමනාකාරිත්ව ආයතනයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා මහතා ජනපති වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකා කළමනාකාරිත්ව ආයතනයේ සාමාජිකයෝ රැසක් සහභාගී වුහ.