(ජුඩ් සමන්ත)
යතුරුපැදියක කුඩා දරුවෙකු ගැටී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 8 කණුව ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කරුවලගස්වැව - 8 කණුව පදිංචි ගම්ලත් චාතුල් උපේක්ෂ (අවු:4) දරුවෙකි.
අනතුරින් තුවාල ලැබු දරුවා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.