(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව පොලිස් වසමට අයත් මුරියාකුලම මහකරඹෑව ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ බව කියන කාන්තා මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස කරුවලගස්වැව හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියම කළේය.
වයස අවුරුදු 25ක් පමණ වන එක්දරු මවකගේ බව පැවසෙන කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් එම ස්ථානයේ දී පැවැති මූලික විමර්ශන වලින් පසුව හදිසි මරණ පරීක්ෂකවරයා පොලීසියට මෙම නියෝගය නිකුත් කැරිණි.
අදාළ මළ සිරුර සම්බන්ධයෙන් අද (27) පුත්තලම මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.