(රංජිත්රාජපක්ෂ)
කරාබු ගසකින් බිමට වැඩි සිව්දරු පියෙක් මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය හරංගල පදිංචි කේ.ඒ.මුදියන්සේ යන (55) හැවිරිදි සිව්දරු පියෙකි.
ඔහු අද (06) තම නිවාසේ අසල තිබු කරාබු ගසක ගරාබු කැඩිමට උත්සහ කළ අවස්තාවේ කරාබු ගසේ අතු අතර මාරු විම සදහා කරාබු ගසේ සවි කර තිබු ලි ආධාරකයක් කඩා වැටිමෙන් බිමට වැටි බරපතල ලෙස තුවාල ලබා ඇත.
තුවාලකරු නාවලපිටිය මුලික රෝහල වෙත ගෙන යන අවස්තාවේ මියගොස් ඇති බව අනතුර පිළිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.