කරාපිටිය රෝහලේ දී මියගිය අයට කොරෝනා


(සිරංගිකා ලොකුකරවිට)

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර සිටියදී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, දංගෙදර පදිංචි වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයෙකි.

නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට ගිය අවස්ථාවේ දී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්වන ලෙස ලැබුණු උපදෙස් අනුව ඔහු රෝහලට ඇතුළත්ව ඇත. ඉන් පසු එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටිය දී ඔහු මියගොස් තිබේ.

මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වී සිටි අයෙක් බවයි.

මෙම සිරුර භූමදානය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ඕට්ටමාවඩි ප්‍රදේශයට ගෙනයෑමට නියමිත බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.