ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට ස්ථාන මාරුවක් ලබා නොදෙන්නැයි ඉල්ලා කළ උද්ඝෝෂණයක් අද (7) කරාපිටිය ශීක්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ කාර්යය මණ්ඩලය, එහි ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ භාරකරුවන් සහ කරාපිටිය පිළිකා සංගමය විසින් සංවිධානය කර තිබිණි.
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සහ තවත් වෛද්‍යවරයෙක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා කරාපිටිය රෝහලෙන් ස්ථානමාරු ලබාදෙන්නැයි වෛද්‍ය සංගමය කර තිබූ ඉල්ලීමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.