(රේඛා තරංගනී ෆොන්සේකා)
කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 'ගන්න අපේ දේ' පාවහන් සල්පිල අද (25) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම පාවහන් සල්පිල ප්‍රදර්ශන කුටි 47 කින් සමන්විත අතර බත්තරමුල්ල දියත උයනේ දී අද (25), හෙට (26) අනිද්දා (27) තෙදින පෙරවරු 9:00 සිට රාත්‍රි 11:00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී. ජී විමලසිරි, ලේකම් ශ්‍රියානි ද සේරම් ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ