කර්මාන්ත අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක්


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය. 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකුවන ලොකුහෙට්ටි මහතා කෙළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා ගෞරව උපාධිධාරියෙකි. බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රමෝපායයන් පිළිබඳ එම්.බී.ඒ. උපාධිය ලබාගත් හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේම ක්‍රමෝපායික සැළසුම් හා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු ද වෙයි. 

1984 වර්ෂයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කළ හෙතෙම පසුව කථිකාචාර්යවරයකු බවට පත්වූයේය. 

1990 දී රාජ්‍ය පරිපාලන සේවයට එකතුවූ ලොකුහෙට්ටි මහතා හබරාදුව, බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1995 වර්ෂයේ දී බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.