කර්මය දඩයක්කරුටම කැරැකෙයි


(දයාරත්න ඇඹෝගම)

වන සතුන් ඝාතනය කිරිම සඳහා තමන් විසින්ම අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවිමෙන් 57 හැවිරිදි දඩයක්කරුවෙක් අද(17) පස්වරුවේදි මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හොරොව්පොතාන වෙලංගහ උල්පොත පදිංචිව සිටි දිනයාගේ සිරිවර්ධන(57) නමැති එක් දරු පියෙකි.

මියගිය පුද්ගලයා වෙලංගහ උල්පොත ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා රාත්‍රි කාලයේ සතුන් ඝාතනය කිරිම බඳින තුවක්කු දෙකක් අටවා ඇති අතර බඳින ලද මෙම තුවක්කුවලින් සතුන් ඝාතනයවී ඇද්දැයි පරික්ෂා කිරිම සඳහා පසු දින උදැසන(17) ගිය අවස්ථාවේදි අටවන ලද තුවක්කුවක් පත්තුවී තිබු අතර ඉන් වන සතකු තුවාල ලබා ඇති බව දැක මියගිය අය එම ලේ සලකුණු ඔස්සේ යමින් සිටියදී තමන් විසින්ම අටවන ලද අනෙක් බඳින තුවක්කුව පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය අය වන සතුන් ඝාතනයේ නිරතවු අයෙකු බව පොලිසිය විසින් සිදුකරන ලද පරික්ෂණයේදි අනාවරණය වි තිබුණි.