දීපාල් ද සිල්වා
කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට ආරාධනා නොලද කරන්දෙනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එයට විරෝධය දක්වමින් වේදිකාව ඉදිරිපිට බිම වාඩිවී විරෝධය පළ කළහ.
ඔවුන් පැවසුවේ කොට්ඨාස මට්ටමින් ජනතා නියෝජනය කරන තමන්ට සම්බන්ධීකරණ රැස්වීම නියෝජනය කිරිමේ අවස්ථාව නැතිකර තිබෙන බවයි.
කලුපටි අතක බැඳගෙන මෙම පිරිස රැස්වීමට ඇතුළු වු අතර මන්ත්‍රීවරුන් 8ක් බිම වාඩිවි සිටින අතර ඒ අතර ශ්‍රීලනිපයේ ගාලු දිස්ත්‍රික් සංවිධායක රම්‍ය විජේතුංග මන්ත්‍රීවරයා ද වේ.
සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජයන්ත ජයවීර මහතා පැවසුවේ චක්‍රලේඛනය අනුව ආසන වෙන්කර තිබෙන බවයි.