( රංජිත් රාජපක්‍ෂ )
ලංකා කම්කරු කොංග‍්‍රසය හා කුකුළා ලාංජනය යටතේ තවත් ප‍්‍රධාන පක්ෂ කිහිපයකින් තරඟ කළ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන දොළහකට හා දිවයිනේ තවත් දිස්ති‍්‍රක්ක කිහිපයකටම පළාත් පාලන ආයතන වලට තරඟ කර ජය ගත් හා ප‍්‍රසාද ලැයිස්තුවෙන් නමි කරන ලද සභිකයෝ 136 අද (26) දිවුරුම් දුන්හ.
හැටන් කොටගල - මුත්තු මාරියමිමන් සංස්කෘතික ශාලාවේදී හින්දු ආගමික වතාවත් වලින් අනතුරුව ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති හා මහ ලේකම් ආරුමුගන් තොන්ඩමන් මහතා ඉදිරියේ බ‍්‍රහ්ම නැකතට දිවුරුම් දීම සිදු කළහ.
මෙහිදි අදහස් දැක්වු ලංකා කමිකරු කොංග‍්‍රසයේ සභාපති හා මහ ලේකමි අරුමුගන් තොන්ඩමන් මහතා කියා සිටියේ ලංකා කමිකරු කොංග‍්‍රසයේ ඉතිහාසයේ ‘බ‍්‍රහ්ම නැකතකට‘ දිවුරුමි දුන් පළවැනි අවස්ථාව මෙය බවයි.
මෙසේ දිවුරුමි දෙන මන්ති‍්‍රවරුන් ප‍්‍රදේශයේ ජනතාවගේ සේවාවන් උපරිම අයුරින් ඉටුකරන බවට තමන්ට විශ්වාසයක් ඇති බවද තොන්ඩමන් මහතා කිය.
මෙම දිවුරුම් දිමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හා එම සභිකයින්ගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.