(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කපා කොටා මරා දමා තිබූ පුද්ගලයකුගේ සිරුර බෝගොඩ එගොඩවත්ත දොරවක කුඹුර ගමමැද පාරේ තිබියදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ මරා දමා ඇත්තේ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් රංගන කරුණානායක 26 නැමැති එක්දරු පියෙකි.
එම තැනැත්තා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මරණීය ප්‍රහාරයට ගොදුරුව ඇති බවත් යතුරු පැදියද ඒ අසල තිබී හමුවූ බවත් පොලිසිය කියයි.
එම පුද්ගලයා 2018 වසරේදී පුද්ගලයකු කපා කොටා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයේ පවතින නඩුවක විත්තිකරුවෙකු බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.