(නිශාන්ත කුමාර)
කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 11 දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බදුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඔවුන් සියලුදෙනා මෙම මස 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (07) නියෝග කළේය.
අදාල සිද්ධිය වූ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වාර්තාව ලැබෙන තෙක් මෙලෙස දෙවනවරටත් රක්ෂීත බන්ධනාගාරගත කර ඇත්තේ ඇත්තේ කන්දකැටිය, පොලිස් වසමේ පදිංචි පුද්ගලයින් හය දෙනෙකු හා පදවිය,කැඹිතිගොල්ලෑව, මීගමුව ,තංගල්ල,හා පාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් පස්දෙනෙකි.
කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත ඉකුත් 25 දා සවස කන්දකැටිය පොලිසියේ නිලධාරීහු පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ඔවුන් සතුව තිබූ ඇමෝනියා , සේවා නූල්, මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.
එහිදී පොලිසිය ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ පිරිස අද (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
අද (07) දිනයේ යළිත් නඩුව කැඳවූ අවස්ථාවේ සිද්ධිය වූ ස්ථානය සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා යළිත් ඔවුන් මෙලෙස මෙම මස 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත ගත කරන ලෙස නියෝග කළේය