නිශාන්ත කුමාර
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය අද (18) එහි සභාපති කමල් රාජපක්ෂ මහතා විසින් සභාව වෙත ඉදිරිපත් කළ අතර එයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අනුව අයවැයට පක්ෂව සහ විපක්ෂවව සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබීම නිසා ප්‍රාදේශීය සභා පනතින් සභාපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය.
ඒ අනුව සභාපතිවරයා අයවැය ලේඛනයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ අයවැයට පක්ෂව ඡන්ද නමයක් (09) හා විපක්ෂව ඡන්ද අටක් (08) වශයෙන් එක් වැඩි ඡන්දයකින් සභාවේ අයවැය එහි පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගනු ලැබීය.