(අමදෝරු අමරජීව)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති සමන් ඒකනායක මහතා අද (13) ඉදිරිපත් කරණු ලැබූ අයවැය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.
අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11 ට අමතරව එම පෙරමුණට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හතර දෙනා සමඟ සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයෙකු හා ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීම විශේෂත්වයක් වුහ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් තිදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයෙන් පිටවුහ. ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම ද විශේෂත්වයකි.