කන්ටේනර් රථයක යතුරු පැදියක් ගැටී පුද්ගලයෙක් මරුට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

කලුතර මහවස්කඩුව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිකරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

යතුරු පැදිය කලුතර සිට කොළඹ දෙසට පැමිණීමේ දී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථය යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කියයි.