(නයනජිව බන්ඩාර)
මොනරාගල කුමාරදොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉතා දුෂණය කර ඝාතනය කළ පුද්ගලයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ප්‍රිති ඉනෝකා රණසිංහ මෙනවිය අද (17) මරණ දඩුවම් නියම කළාය.
මෙසේ මරණ දඩුවම් නියම වුයේ මොනරාගල කුමාරදොල මාර්ගයේ ජල ටැංකිය අසල පදිංචි පිචිචි මුත්තු ගනේෂන් නොහොත් කළු යන අයටය.
2012 වසරේ ජුනි 19 දින හෝ ඊට ආසන්න දිනයකදි මොනරාගල කුමාරදොල පාර ජල ටැංකිය අසල පචිංචිව සිටි මයා අලගු යෝගිෂ්වරි යන කාන්තාව දුෂණය කර ඇගේ ගෙල සිරකර ඝාතනය කිරිම විත්තිකරුට එරෙහිව නගා තිබු චෝදනාව විය.
වසර 6ක කාලයක් පුරා අධිකරණයේ විභාග වු මෙම නඩුවේදි, ලබාදුන් සාක්ෂි හා අනෙකුත් පරවේනි සාක්ෂි සැලකිල්ලට ගත් මහාධිකරන විනිසුරුවරිය, විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු විම නිසා විත්තිකරුට මරණ දඩුවම නියම කෙරිණි.