කත දූෂණය කර පලා ගිය සැකකරු සොයා පොලිස් පරීක්ෂණ


 

(පාලිත ආරියවංශ)

මහියංගණය, වේවත්ත ගම්මානයේ  නිවසකට ඇතුළු වී හුදකලාව  ජීවත්වූ 72 හැවිරිදි කාන්තාවක් දූෂණය කර පුද්ගලයකු පලා ගොස් ඇතැයි මහියංගණය පොලිසිය  පවසයි.

ජනේලය ආවරණය කර තිබූ ටකරමක් ඉවත්කර සැකකරු නිවසට ඇතුළු වී ඇය නිදා සිටි ඇඳ මත තබා ගැට ගසා තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

එම කාන්තාව මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 45 ක පමණ පුද්ගලයකු මෙම අපරාධ සිදුකර ඇතැයි සැකකරන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට  පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය පවසයි.