(තලවකැලේ -ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ශාන්ත ජනපදයේ නිවසක රහසිගතව සඟවා තිබු කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අද (27) අත්අඩංගුවට ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.
පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද නිවාස පරික්ෂාවකදී අඩි දෙකක් පමණ දිග කඩුව හමුව ඇති අතර එම කඩුව පසුගියදා කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයක තිබී සොයා ගන්නා ලද කඩුවලට සමාන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු විමර්ශණ සිදු කිරීමෙන් පසුව නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.
තලවකැලේ පොලීසිය හා තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී.