කඩුගන්නාවේදී මාර ගසක් ත්‍රීවිලයක් මතට


චමිල් රුපසිංහ
 
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාවේදී  විශාල මාර ගසක් ත්‍රීවිල් රථයක් මතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් 4 දෙනෙකු අද (05) රෝහල් ගත කළ බව මාවනැල්ල  පොලිසිය පවසයි.
 
තුවාලකරුවන් කඩුගන්නාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බවත් කිසිවෙකුට බරපතල තුවාල නොමැති බවත් පොලිසීය කීයයි.
 
ත්‍රීවිල් රථයේ සිරවී සිටි තිදෙනා ප්‍රදේශවාසීන් බේරා කඩුගන්නාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් හට බර පතල තුවාල කිසිවක් නැති බවද පොලිසිය කියයි.
 
මාර්ගයට වැටී තිබු විශාල ගස නිසා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය පැයකට අධික කාලයක් පැවැති අතර
 
මාවනැල්ල පොලිසිය මැදිහත් වී මාර්ගයේ ගමන් ගත් බස් රථවල රියදුරන් හා මගීන් ද කඩුගන්නාවේ පොලිසියේ සහයද ඇතිව කඩා වැටුනු විශාල මාර ගස මාර්ගයෙන් ඉවත් කළ බව  මාවනැල්ල පොලිසිය පැවැසිය .