අනීෂා මානගේ
කටුවන බෙංගමුකන්දේදී තිදරු පියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිට ඉකුත් 12වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තංගල්ල සහ මාතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.
කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසීන් කලහකාරීව හැසිරීම, පොලිස් ස්ථානයට පහරදීම, රාජ්‍ය දේපලවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ද, ඇති වූ තත්ත්වය සමතයට පත් කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් අතින් සිදුවූ වැරැදි විමර්ශනය කිරීමට හා විනය පරීක්ෂණ සිදුකිරීමට ද තංගල්ල පොලිස් අධිකාරී 1 අබේරාජ් ගම්ලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
තිදරු පියාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරී බී. එම්. එම්. දසනායක මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

