කච්චතිව් මංගල්‍යයට එන්න තමිල්නාඩු ධීවරයෝ ඉල්ලති


ලබන 7 වැනිදා පැවැත්වෙන කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය සඳහා සහභාගීවීමට තමිල්නාඩු ධීවරයින් 100කට හෝ සහභාගීවීමට වහා ඉඩ ලබාදිය යුතු බව ඉන්දීය පී.එම්.කේ.පක්ෂය ප්‍රකාශ කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

අන්තෝනි දේවස්ථානය ලාංකික ජනතාව විසින් ඉදිකළ ද  කච්චතිව් දූපත දීර්ඝ කාලයක් තමිල්නාඩු ධීවරයන්ගේ පාලනය යටතේ පැවති බව එම පක්ෂයේ නායක එස්.රාමදෝස් නිවේදනයක් නිකුත් කරමින් මේ බව  පවසා ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

සිරිමා බණ්ඩාරනායක රජය සමයේ කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි බව ඉන්දියාව පිළිගත්තේය. එහෙත් තමින්නාඩුවේ දෙමළ දේශපාලනඥයෝ ඉන්දියා මධ්‍යම රජයේ එම පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. කච්චතිව් දූපත ඉන්දියාවට හිමිවිය යුතු බව ඔවුහු කියති.

මාර්තු මාසයේ පැවැත්වෙන උත්සවය පමණක් නොව වෙනත් මාසවල පැවැත්වෙන උත්සව සඳහා ද ඔවුන්ට සහභාගී විය හැකි බව පි.එම්.කේ. පක්ෂයේ නායක එස්.රාමදෝස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.