මොහොමඩ් බුහාර්ඩීන්
ගලේවෙල මාදිපොල ප‍්‍රදේශයේ දී කේරල කංසා ජාවාරමක නිරතවු පුද්ගලයකු සමඟ කංසා කිලෝ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකා දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් ජයතිලක මහතාට ලැබුණ තොරතුරකට අනුව උපාය දුතයන් යොදා සැකකරු පොලිස් නිලධරයන්ට කංසා අලෙවි කිරිමට සුදානම් වු විටදී අත්අඩංගුවට ගැණිනි.
50 හැවිරිදි සැකකරු දිගු කලක සිට යාපනයෙන් මහා පරිමාණ වශයෙන් මෙම කේරල කංසා රැගෙනවිත් බෙදාහැරීමේ ජාවාරමක නිරත වී තිබේ.