ඖෂධ මිල අඩු නොකළැයි පැමිණිලි 180ක්


ඖෂධ වර්ග 48ක මිල අඩු කළත් පරන මිලටම විකුණන ඖෂළ අලෙවිසැල් ගැන පැමිණිලි 180ක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

පැමිණිලි ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ. මිල අඩු නොකිරීම, ඖෂධ සඟවාගෙන සිටීම වැනි චෝදනා ගැන ලැබුණු පැමිණිලි අනුව විමර්ශන අරඹා ඇතැයි එම අමාත්‍යංශය පවසයි.