ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරුන්ට එපාවෙයි


පොළොන්නරුව ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරු නොමැති ව වසා දමා ඇතැයි දෙමාපියෝ කියති.

මේ පිළිබඳ ඕනෑගම මැදමළුව විරස්ථානයේ නිකපිටියේ චන්දිම හිමි කියා සිටියේ පාසලේ 1 වසර සිට 5 දක්වා පන්ති වසා ඇති බවත්  විදුහල්පතිද එහි නැති බවත් ය.

‘පාසලේ ගුරු පුරප්පාඩුවක් තිබෙනවා. ඒ සඳහා අපි මේ වන විට ගුරුවරු වැඩි පාසල් වලින් අරගෙන මේ පාසලට ගුරුවරු 6ක් යොමු කරලා තියෙන්නේ. ඒ අය ළගදිම පාසලට වර්තා කරයි‘ යැයි පොළොන්නරුව අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක ප‍්‍රසාද් ජයවර්ධන මහතා  කීවේය.