ඒ - 9 මඟේ අනතුරකින් මුවෙක් මරුට



 
 
සිතුම් චතුරංග
            
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ  වවුනියාව වෙහෙරගම ප්‍රදේශයේ දී වාහනයක ගැටී මිය මුවකුගේ මළ සිරුරක් අද (1) සොයා ගත් බව වවුනියාව වනජීවි නිලධාරීන් පවසයි.

        
උදෑසන මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම මුවා අනතුරට පත්ව ඇති අතර පසුව පොලිසිය විසින් වවුනියාව වනජීවි නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.


අනතුරින් මියගිය මුවා හොදින් වැඩුණු පිරිමි සත්වයකු වන අතර තම රංචුව සමඟ ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරයි.


මියගිය මුවාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය බිගගිරිදරන් මහතා විසින් පැවැත්වීමට නියමිතය.