එළගවයකු සොරකම් කර රැගෙන යමින් සිටි 6 ක් අත්අඩංගුවට



 
(අනීෂා මානගේ)

එළගවයකු සොරකම් කර කුඩා ලොරි රථයක පටවාගෙන යමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් තිස්පන් දහසක් වටිනා එළගවයකු සොරකම් කර කුඩා ලොරි රථයක පටවාගෙන යමින් සිටිය දී තංගල්ල කුඩාවැල්ල සූරියගහවැල්ල ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. 

සැකකරුවන් එක් එළගවයකු ලොරි රථයේ පටවාගෙන තවත් ගවයකු සොරකම් කිරීමට සූදානම් වන බවට තංගල්ල මූලස්ථාන පොලිසියේ බුද්ධි අංශ නිළධාරින් ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් පස්දෙනෙකු බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේත් එක් සැකකරුවකු තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේත් පදිංචිකරුවෝ වෙති.