එළ ගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග) 

නත්තල් සාදයන් සඳහා අවශ්‍ය මස් ලබාදීම වෙනුවෙන් මුලතිව් ප‍්‍රදේශයේ ගවමඩු තුළින් සොරකම් කරන ලද එළ ගවයින් ප‍්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු අද (20) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.

මුලතිව් ප‍්‍රදේශයේ ගව මඩුවලින් සොරාගන්නා එළ ගවයින් රැගෙන යන ජාවාරමක් පිළිබඳ මුලතිව් කොට්ඨාස දුෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. 

පොලිස් බාරයට ගත් කැබ්රථ දෙකෙහි පටවන ලද එළ ගවයින් 22 ක් හා කුඩා පැටවකු සිට ඇත.

මොවුන් දිර්ඝ කාලයක සිට කෙසෙල් ප‍්‍රවාහනය කරන මුවාවෙන් ත‍්‍රිකුණාමලය හා මඩකලපුව ප‍්‍රදේශවලට ගවයින් රැගෙන  ගොස් තිබේ.