(උපාලි ආනන්ද)
අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසිරීමේ ගබඩාවක් බලහත්කාරයෙන් කඩා විවෘත කර එම ගබඩාව තුළ තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අලෙවි කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි ව්‍යාපාරික අරුණ නිශාන්ත මුදල් සහ ශරීර ඇප මත මුදා හරින ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් නියම කළ මහේස්ත‍්‍රාත් ඊට අමතරව රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය.
නඩුව යළි අප්‍රේල් 7 වැනි දා සළකා බැලීමට නියමිතය.