(සනත් ගමගේ /ජනක අපරැක්ක)
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අද තේරී පත් විය.
දකුණු පළාත් සභාවේ වැඩ බලන පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩාච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කැරිණි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී වරු 09 දෙනෙක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රි වරු 07 දෙනෙක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රී වරු 04 ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රී වරයෙක් වශයෙන් මන්ත්‍රී වරු 21 දෙනෙක් තේරී පත්වූහ.
ඒ අනුව නරාධිපති වරයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඩි.ඒ ගාමිණි මහතා සුදුසු බවට මොහොමඩ් ෂරිෆ්ඩින් ෆරිස් මන්ත්‍රී වරයා යෝජනා කළ අතර මොහොමඩ් හුසේන් මෙහොමඩ් රිසාන් මහතා ස්ථීර කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරි පත් වි සිටින එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සුදුසු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කේ.ජී ගාමිණි ශ්‍රී ආනන්ද මන්ත්‍රී වරයා යෝජනා කල අතර වලිමුණිගේ අජන්තා රෝහණ මන්ත්‍රී වරයා ස්ථීර කළේය.
ඒ අනුව විවෘත ඡන්ද විමසීමකට පැවැත්වීමෙන් පසු ඩී.ඒ ගාමිණි මහතාට ඡන්ද 09 ක්ද, එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඡන්ද 11 ක් ද ලැබූ අතර ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී වරයා ඡන්ද දීමෙන් වැලකී සිටියහ. වැඩි ඡන්ද 02කින් හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා ලෙස දෙවන වරටත් හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා තේරීපත් විය.