එජාප මන්ත්‍රිනිගේ මෝටර් රථයට පහර දෙති


අමදෝරු අමරජීව
 
එක්සත් ජාතික පක්ෂයේ  ත්‍රිකුණාමලය නගර සභා මන්ත්‍රීනි එම්.එච්.දිපානි  මහත්මියට අයත් මොටර් රථයකට හා ඇගේ සැමියා වන එක්සත් ජාතික පක්ෂ ත්‍රිකුණාමලය ආසන බල මණ්ඩල අත්‍යවශ්‍ය සේවා ලේකම් වන ලියනගේ ජයතුංග පෙරේරා මහතාට අයත් ටිපර් රථයකට අද (31) අලුයම කිසියම් පිරිසක් විසින් පහරදී හානිකර ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි.


ත්‍රිකුණාමලය මරතඩි ප්‍රදේශයේ නිවස ඉදිරිපිට මෝටර් රථය නවතා තිබියදී  මෝටර් රථයේ බදට පොල්ලක් වැනි දෙයකින් පහරදි හානි කර ඇති අතර ඊට නුදුරින් නවතා තිබු ටිපර් රථයේ ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයට  පහරදී බිඳ දමා තිබේ.


නාගරික මන්ත්‍රීනි එච්.එච්.දීපානි මහත්මිය පවසන්නේ මෙය ආණ්ඩු මාරුවත් සමඟ වු දේශපාලන  පලිගැනීමක් බවයි.


පෙරදින පක්ෂ නායකත්වයේ කැදවීමකට මමත් මගේ ස්වාමි පුරුෂයාත් කොළඹ පැවැත්වෙන රැස්වීමට හා රැළියට  සහභාගී වී අද (31) අලුයම පැමිණි පසු වාහන වලට මෙම හානිය සිදුකර ඇති බව නාගරික මන්ත්‍රිවරිය  පැවසීය.


මෙම පහරදිම  සම්බන්ධයෙන්  ත්‍රිකුණාමලය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවිම මත අපරාධ අංශය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.