(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම විදාගම දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදී රත්නපුර - එගොඩමල්වල නිවසක සිදුවූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
සැකකරු හිටපු හමුදා සෙබළකු මෙන්ම කාන්තාවන් තිදෙනෙකු සමඟ සබඳකම් පවත්වමින් දෙදෙනෙකු සමඟ විවාහ වී සිටින අයෙකු බවට ද පොලිසිය සඳහන් කරයි.
සැක කටයුතු පුද්ගලයා රයිගම විදාගම ප්‍රදේශවලදී සැරිසරන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉකුත් 16 දා එගොඩමල්වල නිවසකදී සිය බිරිඳ හා නැන්දනියට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයා මොහුව බව ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය පවසයි.

