හිරාන් ප්‍රියංකර ජයසිංහ
එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ පිරිසක් අද (3) පුත්තලම ජුම්මා දෙවස්ථානයට ගොස් ආපසු යාමට සැරසෙද්දී අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව උපවාසයක නිරතව සිටින පිරිසක් මඟ හරස් කරමින් විරෝධතාවයක් දැක්වුහ.
එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජීතයින් පිරිසක් ජනතාවගේ ප්‍රශ්න සොයා බැලීමට ස්ථාන කිපයකට ගොස් තිබු අතර ඒ සමඟම ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් සිටි පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය පස්වැනි දිනටත් සිදුකරන උපවාසය පවත්වන පුත්තලම කලපු තීරයට පැමිණ තිබුණත් උපවාසකරුවන් සමඟ කිසිදු වචනයක් හෝ සාකච්ඡා නොකර පිටත් වී පුත්තලම ජුම්මා දේවස්ථානයේ දී මේ පිළිබදව සාකච්ඡාවකට එක්ව තිබිණි.
එම සාකච්ඡාවට පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානයේ පිරිසක් එක්ව සිටි අතර එයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විදේශීය ජාතිකයින් දෙදෙනකු සමඟ ශ්‍රී ලාංකික නියෝජීතයින් දෙදෙනෙකු පැමිණ තිබිණි.