බණ්ඩාරගම බොලබොටුව නිවසක තනිව විසූ එක්දරු පියකු (44) සාලයේ තිබූ පුටුවක් මත අභිරහස් ලෙස මියගොස් සිටි බවත් ඒ අසල ලේ පැල්ලම් තිබූ බවත් පොලිසිය පවසයි.
ඔහුගේ මව සහ නෑනා අසල නිවසක සිට ඔහු සිටි නිවසට පැමිණෙද්දී පුටුවක් මත ඔහු මියගොස් සිටින ආකාරය දැක ඇතැයි ද කියති.
මීට වසර 10කට පෙර බණ්ඩාරගම සිදුවූ ඝාතනයක් සම්බන්ධ නඩුවක සැකකරුවකු වූ මොහු මාස කිහිපයකට පෙර නඩුව අවසන්වීම නිසා නිදහස්ව ඇතැයි පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.