(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මාකූර අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක තිබී 73 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව මිරිගම පොලිසිය කියයි.
මියගිය කාන්තාව තමන්ගේ එකම පුතා සමඟ ජීවත්වී ඇති බවත් ඇය ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දුටු අසල්වාසීන් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කරන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මියගිය කාන්තාවගේ සහෝදරයෙකු විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නිවසේ විසිරී තිබූ ලේ පැල්ලම් සෝදා ඇති බවක් එහිදී දක්නට තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදාවේ සේවය කළ බව කියන ඇයගේ 40 හැවිරිදි පුත්‍රයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (7 ) පැවැත්වීමට නියමිත බව මීරිගම පොලිසිය කීය.