ඌවේ නියෝජ්‍ය තැපැල්පති වැඩ බාරගැනීම හෙට


(යොහාන් භාසුර)

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඉන්දික හතුරුසිංහ මහතා ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙස ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේදී හෙට (22) වැඩභාරගැනීමට නියමිතය.

හතුරුසිංහ මහතා මෙම තනතුරට පත්වීමට පෙර බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.  

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය  නිලධාරියෙකු වන ඒ මහතා ලිපිකරුවෙකු වශයෙන් කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ රාජ්‍ය සේවයට එක්වී 2010 වසරේදී පරිපාලන සේවා තරග විභාගයෙන් සමත්ව මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ ආරම්භ කළේය.

ඉන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා පසුව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත්විය.