ඌවේ ගොවිපළ කම්කරුවෝ නඩු මඟට යති



 
(ඩී.කේ.රත්න)


ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළ කම්කරුවන් 128 දෙනෙක් වසර තිහක කාලයක් ස්ථිර නොකිරීම නිසා එම කම්කරුවන් අනිද්දා (09) බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි ඌව පළාත් ගොවිපළ කම්කරු එකමුතුව පවසයි.


තමන් ස්ථිර කරන ලෙසට වසර තිහක පමණ කාලයක සිට අදාල බලධාරීන්ගෙන් ඉල්ලීම් කරන නමුත් මෙතෙක් තමන් ස්ථිර කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම පිරිස  මෙම තීරණයට එළඹ තිබේ.


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විවිධ අවස්ථාවල නිකුත් කරන චක‍්‍රලේඛයන්ට අනුව ඔවුන් ස්ථිර කිරීම එම ගොවිපළවල අනුමත සේවක සංඛ්‍යාව තුළ අනුමැතිය නොතිබීම හේතුවෙන් අදාල බලධාරීන් ඔවුන් මෙතෙක් ස්ථිර කිරීමට කටයුතු කර නොමැත.