(පාලිත ආරියවංශ)
ඌව පළාතේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකිරීමට කටයුතු කරන බව ඌව පළාත් ප්‍රවාහන අමාත්‍ය සාළිය සුමේධ මහතා පැවසීය.
ඌව පළාත් ආරක්ෂක තත්වය පිළිබදව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා ඌව පළාත්සභා ශ්‍රවනාගාරයේදී පැවැති සාකච්චාවේදී ගත් තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවත් ඒ සඳහා ඌව පළාත් ප්‍රවාහන අමාත්‍යාංයෙන් මුදල් වැයකරන බවත් හෙතෙම සඳහන් කළේය.
බස් රථවලින්ගමන් ගන්නා මගී ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලංගම සහ පුද්ගලික බස්රථවල ස්ටිකර් ඇලවීමට පියවරගන්නා බවත් සාළිය සුමේධ මහතා පැවසීය.