ඌව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා නැවත පත් කරන්නැයි ඉල්ලති


(පාලිත ආරියවංශ)

ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ ඒ.බී.එම්. විජේතුංග මහතා නැවත එම තනතුරේ පිහිටුවන ලෙසට බලකරමින් එම කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (15) බදුල්ල ඌව පළාත් සභාව ඉදිරියේදි නිහඩ විරොධතාවයක නිරත වූහ.

විජේතුංග මහතා එම තනතුරෙන් ඉවත් කර තිබුණේ ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය විසින් ඔහු ඉවත්කරන ලෙසට බලකරමින් ඌව පළාත් සභාව ඉදිරියේදි පසුගියදා පවත්වනු ලැබූ  විරෝධතාවකින් පසුවය .

ඒ අනුව ඔහු එම තනතුරෙන් ඉවත්කර ඌව පළාත් කෘෂීකර්ම අමාත්‍යංශය වෙත අනුයුක්ත කිරීම ඌව ආණ්ඩුකාර එම්.පී .ජයසිංහ මහතාගේ උපදෙස් මත සිදුවිය .

මෙම උද්ඝෝෂකයින් පැවසුවේ විජේතුංග මහතා ඉතා දක්ෂ පළපුරුදු කාර්යශූර නිලධාරියකු බවයි .
 
පැයක් පමණ පැවති මෙම විරෝධතාවෙන් පසු ඔවුහු මේ සම්බන්ධයෙන් ඌව ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් පිළිගැන්වූහ.