ඌව මහාධිකරණයේ ඇති උමා ඔය නඩුව කල්යයි


( දියතලාව - ඩී.කේ.රත්න )

උමාඔය ව්‍යාපෘතිය නිසා අගතියට පත් ජනතාවට වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මගින් ඌව පළාත්බද මහධිකරණයේ පවරා ඇති නඩුව අද (12දා) දහවල් විභාගයට ගැනීමෙන් අනතුරුව අප්‍රේල් මස 26 වන දින දක්වා කල් තැබීමට ඌව පලාත් මහධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය ගුණසේකර මහතා නියෝග කළේය.

මෙහිදී රජයේ නීතීඥාවරයා විසින් උමාඔයෙන් අගතියට පත් ජනතාව වෙනුවෙනු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර එම නඩුව විභාගවෙමින් පවතින බැවින් ඒ වෙනුවෙන්ම තවත් නඩුවක් මෙම අධිකරණයේ ගොනු කිරීමේ අයිතියක් නැතැයි පැවසීය.

කරුණු සැලකිල්ලට ගත් ඌව පලාත් මහධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය ගුණසේකර මහතා මෙම නඩුව නැවත කල් තැබීමට නියෝග කළේය.