ප්‍රින්ස් රත්නායක
බණ්ඩාරෙවළ ඩිපෝව මගින් ධාවනය කළ ඌව කොස්ගම බසය මාරක අනතුරකට ලක්ව තිදෙනෙකු මියයාමත් සමග මාස 3 කට ආසන්න කාලයක් ඌව කොස්ගමට බණ්ඩාරවෙල ඩිපෝවේ බසයක් ධාවනය නොකෙරුනි.
ජනතාවෙග් අසීරුතාව මාධ්‍යය මගින් පෙන්වාදීමත් සමග බස් රථයක් ලබාදීමට බණ්ඩාරෙවළ ඩිපෝව කටයුතු කර තිබේ. 28 වැනිදා සිට ඌව කොස්ගම දක්වා බසයක් ලබා දීමට පියවර ගත් බව බණ්ඩාරෙවල ඩිපෝවේ ප්‍රකාශකෙයක් කියා සිටියේය. පාසල් නිවාඩු අවසන්වී නව පාසල් වාරය පටන් ගන්ට මත්තෙන් බස්රථය ලබාදීම සම්බන්ධව බණ්ඩාරෙවල ඩිපෝවට සහ තම අසීරුතාවය රටට පෙන්වාදුන් මාධ්‍යයට ඌවකොස්ගම ජනතාව කෘතවේදී බව පළකළෝය. ඌව කොස්ගම පදිංචිව සිටි රියදුරු එච්.එම් කීර්ති බණ්ඩාර හපුතලේ උඩවිහාරගලදී කාර්මික දෝෂයකට ලක්වූ බසය ගල් කණ්ඩියක් මත වැද්දීමෙන් ප්‍රපාතයට යානොදී ජීවිත 28 ක් බේරාගනු ලැබූවේ තම ජීවිතය පරදුවට තබමිණි. එහිදි තවත් දෙදෙනෛක් ජීවිතක්ෂයට පතවූ අතර ඉකුත් ඔක්තොම්බර් 04 වැනිදා සිට ප්‍රදේශවාසීන් මාසතුනකට ආසන්න කාලයක් තම කටයුතු කරගැනීමට නොහැකිව දුෂ්කරතා රැසකට මුහුණ්බව පෙන්වා දුන්හ. මාධ්‍ය කළ හෙළිදරව්වෙන් පසු නැවතත් බසය ලබාදීමට කටයුතු කළ සැමට ගම්වාසීහු තුති පුදකරති.