(ජී. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමතිලක ද සිල්වා)
යක්කලමුල්ල කොට්ටව ආරණ්‍ය පාරේ කැලෑබද ඉඩමක ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද විදුලි උගුලක ගැටීමෙන් මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
එම තැනැත්තා ඉඩමේ පුවක් ඇහිඳීමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදී ඇතැයිද පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවද පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ 41 හැවිරිදි එක්දරු පියෙකි.
දැනට සිරුර සිද්ධිය වූ ස්ථානයේම තිබෙන අතර මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය කොට්ටව හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකිරීමට නියමිතය.
විදුලි උගුල අටවා තිබූ ඉඩමේ හිමිකරු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.