උපාලි ආනන්ද
දැල් සහ විවිධ උපකරණ යොදා ගනිමින් අල්ලා ගත් කුරුල්ලන් 300 දෙනෙකු කලාවැව වනෝද්‍යානයට මුදා හරින ලෙස කැකිරාව මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා වනජීවි නිලධාරීන්ට අද (6) නියෝග කළේය.
සත්ත්ව හිංසාව ඇති වන අයුරින් වර්ග රැසකට අයත් අලංකාර කුරුල්ලන් අල්ලා ගත් සැකකරුවෙකු එම කුරුල්ලන් 300 දෙනා ද සමඟ වනජීවි නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කුරුල්ලන් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව නඩු පවරන ලෙසද නියෝග කළේය.
කැකිරාව සහ අවට කුඹුරුවල වී ආහාරයට ගැනීමට පැමිණි මාල ගිරව්, බටු කුරුල්ලන් සහ වී කුරුල්ලන් ඇතුළු ලස්සන කුරුල්ලන් උගුල් අටවා සහ තවත් වෙනත් උපක‍්‍රම භාවිතා කරමින් සැකකරු අල්ලා ගෙන ඇති බවයි.
සත්ව හිංසාව ඇති වන ආකාරයෙන් සැකකරු මෙම ජාවාරම කළක් තිස්සේ කර ගෙන ගොස් ඇති බවත් මෙලෙස අල්ලා ගන්නා කුරුල්ලන් කොළඔ ඇතු`ඵ ප‍්‍රදේශ රැසකට අලෙවි කර ඇති බවත් වනජීවී නිලධාරීහූ දැනුම් දුන්හ.