ප්‍රින්ස් රත්නායක
උසස් පෙළ විභාගය සඳහා 2017 වසරේ පෙනීසිටි සමස්ත සිසුන් අතරින් ප්‍රතිඵල අනුව සබරගමු පළාත ප්‍රමුඛස්තානයට පැමිණ ඇත. 2016 වසරේ ද උසස් පෙළ ප්‍රතිඵල අනුව හොඳම පළාත සබරගමුවයි.
මෙවර උසස්පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිම ප්‍රතිශතයක් සුදුසුකම් ලබා තිබෙනුයේ සබරගමුව පළාතෙනි. එය 67.11% කි. 65.68%ක් , 65.65 ක් ලෙස පිළිවෙලින් ඌව සහ උතුරු පළාත් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන ඇත. සබරගමුව පළාතේ 24726 ක් අයදුම්කරුවන් පාසල් හා පෞද්ගලික වශයෙන් විභාගයට පෙනීනී සිට ඇති අතර ඉන් විෂයන් තුනටම ඒ සාමාර්ථයන් ලැබූ සංඛ්‍යාව 953 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 3.85% ක් වන අතර සියලු විෂයන් අසමත් සංඛ්‍යාව 197 ක් හෙවත් 7.97% කි.
සාධනීය මට්ටමින් ප්‍රතිඵල ඉහළ නංවාලීමට සබරගමුව පළාත තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.