(නිමල කොඩිතුවක්කු)
උපාධිධාරීන් 12,000 කට ලබන 30, 31 සහ අගෝස්තු 1 දා රැකියා ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව 2013 වසරේ සිට 2018 වසර දක්වා උපාධිය ලබා ගත් පිරිස සඳහා මෙහිදි රැකියා අවස්ථා ලබාදීමට නියමිතය.
බාහිර උපාදිධාරින්ටත් මේ යටතේ රැකියා අවස්තා ලබාදිමට පියවර ගෙන ඇත.
උපාධිධාරීන් සඳහා මෑතකාළයේ දී එකවර රැකියා ලබාදෙන පළමු අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවැසීය.
උපාධිධාරියා කවර පක්ෂයකට අයිති ද, කවර කුලකයකට අයිති ද යන්න පිළිබඳ සොයා බැලිමකින් තොරව විනිවිදභාවයකින් යුතුව මේ රැකියා ලබාදී ඇති බැවින් යූ. එන්. පී කාරයට විතරයි දුන්නේ. පොහොට්ටු කාරයා කැපුවා කියා කාටවත් අර්ථ දක්වන්නට නොහැකි බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.