උතුරු පළාත් ලංකා ගමනා ගමන මණ්ඩලයයේ සේවකයින් ගෙන ගිය වැඩවර්ජනය හා වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් කළ මාරාන්තික උපවාසය අත්හැරීමටත් අද (05) සිට ධාවන කටයුතු සුපුරුදු පරිදි කිරීමටත් තීරණය කළ බව ලංගම සේවකයෝ පවසති.
වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංගම් හා පෞද්ගලික බස් සේවකයින් අතර පැවැති සාකච්ඡාවකදී තාවකාලිකව විසඳුමක් ලබා දීමත් සමග මෙම තීරණය ගත් බව ලංගම සේවකයෝ පවසති.
මේ අනුව ලබන මාර්තු 31 වන තුරු ලංගම බස් රථ පැරණි බස් නැවතුම්පලේ සිටත් පෞද්ගලික බස් රථ නව බස්නැවතුම්පලේ සිටත් ධාවනය කිරීමටත් මාර්තු 31 වනදා දෙපාර්ශ්වයටම ඒකාබද්ද කාලසටහනක් ලබා දෙන බවත් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.