උතුරු පළාත් පෞද්ගලික බස් රථ සේවකයෝ අද (09) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් අරඹා ඇත.
වව්නියාව ලංගම බස් සේවකයින් පසුගිය 2 වැනිදා කළ උපවාසය අතරතුරදී උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ රුව පඹයකුට අන්දවා එය ගිනි තැබීමට විරෝධය පා ඔවුහු මෙම වර්ජනය ක්‍රියාත්මක කරති.
උතුරේ සියලුම පෞද්ගලික බස් රථ නියෝජිතයින් අද යාපනයට ගොස් උතුරු පළත් ප්‍රවාහන අමාත්‍යවරයා හමු වී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සන්දේශයක් බාර දීමටද නියමිතය.