උතුරුමැද රියදුරෝ උපවාස කරති


(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරන් තිදෙනෙකු එම දෙපාර්තමේන්තුවෙන් පිටත රාජ්‍ය ආයතන තුනකට ස්ථාන මාරු කිරිමට විරෝධය පල කරමින් අද (28) සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටිති.

තමන් සෞඛ්‍ය සේවා රියදුරන් බැවින් වෙනත් රාජ්‍ය ආයතනකට ස්ථාන මාරුකිරිම් නීති විරෝධි බව උපවාසයේ නිරත රියදුරන් පවසති.

අනෙකුත් පළාත් සභාවල සෞඛ්‍ය සේවා රියදුරන් වෙනත් ආයතනවලට ස්ථාන මාරු නොකර එම දෙපාර්තමේන්තුව තුළ පමණක් ස්ථාන මාරු කළද උතුරු මැද පළාත් සභාවේ නිලධාරින් තමන් පමණක් මෙසේ වෙනත් ආයතන වලට ස්ථාන මාරු කිරිම අසාධාරණයක් බවද ඔවුහු පවසති.