උතුරු සබේ නිල කාලය 25 වැනි දායින් අවසන් වෙයි



 
 
රොමේෂ් මධුෂංඛ

උතුරු පළාත් සභාවේ නිල කාලය 25 වැනි දා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සී.වී.විග්නේශ්වරන් මහතාගේ  ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවේදනයක් නිකුත් කර ඇත.


යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නඩරාජා පරමේශ්වරී ශාලාවේදී දෙමළ ජනතා සභාව ලබන 24 වැනි දා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී දෙමළ ජනතා සභාවේ සම සභාපතීත්වය දරණ සී.වී.විග්නේශ්වරන් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිත බවට දෙමළ ජනතා සභාව මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත.


එම එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ දෙමළ දේශපාලන මතයන් හා ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් 24 වැනි දා රැස්වන දෙමළ ජනතා සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටත් එහිදී ප්‍රධාන දේශනය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සී.වී.විග්නේශවරන් මහතා සිදු කිරීමට නියමිතව තිබේ.